අයවැයෙන් මත්පැන් මිලට මොකෝ වෙන්නේ.? සුකෝ පහදයි.!

සුරාබදු කොමසාරිස් ජනරාල් යු.එල්. උදය කුමාර පෙරේරා මහතා ඊයේ (17) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසූවේ මේ වසරේ ජනවාරි මස 07 වනදා මත්පැන්වල මිල වැඩිවීම් සිදුකළ බැවින් නැවතත් මේ වතාවේ මිල වැඩිවීමක් සිදුනොවන බවයි.

ඉදිරියේදී නීති විරෝධී මත්පැන් කටයුතු සියල්ල මර්දනය කර රාජ්‍ය ආදායම වැඩිකිරීම වෙනුවෙන් පියවර ගන්නා බව ද ඔහු එහිදී සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුරාබදු කොමසාරිස්වරයා,

“මේ වතාවේ මිල වැඩිවීමක් සිදුවන්නේ නෑ. ජනවාරි මාසේ 7 වනදා ඒ වැඩි වීම වුණා. ඒක පාර්ලිමේන්තුවේ සම්මත වෙන්න දාලා තියෙන්නේ. වෙනත් වැඩි වීමෙක් මේ වතාවේ වෙන්නේ නෑ.” 

“මේ වසරේ සිට රාජ්‍ය සේවයේ වැඩි කිරීමක් සිදු කිරීමට ජනාධිපතිතුමා අයවැයෙන් යෝජනා කරලා තියෙනවා. එකෙන් ඵලදායි රාජ්‍ය සේවයක් එතුමා බලපොරොත්තු වෙනවා. වැටුප් වැඩි කිරීමෙන් සේවක තෘප්තිය වැඩි වෙලා අභිප්‍රේරණයෙන් යුතුව රාජකාරි කරන්න එය අපට පිටුවහලක් වෙනවා කියන එක අපි දන්නවා. ඒ නිසා මේ රටේ තියන නීති විරෝධ මත්පැන් සියල්ල මර්ධනය කරන්නත් රජයේ ආදායම වැඩි කරන්න පුළුවන් විදියට රජයේ අනුමත මත්පැන් සහ දුම්වැටි වෙළදාමෙන් අපට ආදායම ලබා ගැන්න පුළුවන් විදියට කටයුතු කරන්න කියලා මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.”

Loading

Tell me 💬
Notify of
guest
5 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.