වැසිකිළියේ වදා ජනේලෙන් විසි කළ පාසල් සිසුවියගේ බිලිඳා බේරාගනී.!

මඩකළපුව ශික්ෂණ රෝහලේ පෙරේදා (23) අලුයම සිදුවූ කම්පනය ජනක සිද්ධියක් පිළිබඳ වාර්තාවේ.

රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 18 හැවිරිදි උසස් පෙළ සිසුවියක් රෝහලේ වැසිකිළියක් තුළදී බිළිඳෙකු ප්‍රසූත කර, එම බිළිඳා වැසිකිළියේ කවුළුවකින් ඉවතට විසි කර ඇති බව පැවසේ.

කෙසේවෙතත්, රෝහල් කාර්ය මණ්ඩල කඩිනමින් මැදිහත්වීම හේතුවෙන් බිළිඳාව බේරාගැනීමට හැකි වී ඇත.

සිදුවීම මෙසේය,

මඩකළපුව පදිය් උසස් පෙළ අධ්‍යාපනය හදාරන 18 හැවිරිදි සිසුවියක් පෙරේදා (23) අලුයම 3.30 පමණ බඩේ කැක්කුමක් හේතුවෙන් මඩකළපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

කෙසේ වෙතත්, ඇය ගැබ්ගෙන සිට ඇති නමුත් පවුලේ උදවියට හෝ රෝහල් කාර්ය මණ්ඩලයට එය සැඟවීමට සිසුවිය සූක්ෂම වී ඇත.

රෝහල් ප්‍රතිකාර ලබමින් සිටියදී, අලුයම් කාලයේ සිසුවිය වැසිකිළියට ගොස් ඇති අතර, එහිදී බිළිඳෙකු ප්‍රසූත කර ඇත.

ඉන්පසු සිසුවිය විසින් එම බිහිකළ දරුවා ඔසවා වැසිකිළියේ ජනේලයෙන් ඉවතට විසි කර ඇති බව පැවසේ.

ජනේලයට පහළින් බිම වැටුණු බිළිඳාගේ හඬ ඇසුණු රෝහල් හෙදියන් කිහිප දෙනෙකු ඉක්මනින් එහි ගොස් බිළිඳා රැගෙනවිත් ප්‍රතිකාර සඳහා ඉදිරිපත් කර ඇත.

මේ වන විට බිළිඳා ප්‍රතිකාර සඳහා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර, මවද ප්‍රතිකාර ලබමින් සිටින බව පැවසේ.

මේ සම්බන්ධයෙන් රෝහල් පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති බවද වාර්තාවේ.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.