By unusuma.lk on
(LK time)දැනට බන්ධනාගාරගතව සිටිනා හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට අදාළ කැරම් බෝඩ් සිද්ධිය හා සම්බන්ධව තවත් අපරාධ නඩුවකට අධිචෝදනා ගොනුකර ඇතැයි නීති අංශ ආරංචි මාර්ග පවසයි.
හිටපු අමාත්‍යවරයාට එරෙහිව මින් පෙර තීන්දුව ලබා දුන් කැරම් බෝඩ් නඩුව දූෂණය නමැති වරදට අදාළව පැවරුණු එකක් නමුත් මෙම දෙවැනි නඩුව පැවරෙන්නේ අපරාධමය වරදක් සිදුකිරීම සම්බන්ධයෙන් බව පැවසෙයි.
ඊට මෙම ගණුදෙනු සම්බන්ධව කුමන්ත්‍රණය කිරීමයන චෝදනාව ඇතුළත් බවය වාර්තා වේ. එය දණ්ඩ නීති සංග්‍රහය යටතේ පවරා ඇති බව නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
එහි විත්තිකරුවන් වශයෙන් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ එවකට ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයාව සිටි හිටපු මේජර් ජනරාල් නන්ද මල්ලවාරච්චිට එරෙහිව චෝදනා එල්ල වනු ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.
-Deshaya-