මහින්ද කරුණාකරලා නිවස රජයට දෙන්න.!

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා දැනට පදිංචි නිවස රජයට ලබාදිය යුතු බවත් අවශ්‍ය නම් සුදුසු නිවසක් ලබාදීමට රජය සූදානම් බවත් දැනට සිටින නිවස කිසිසේත්ම ඔහුට ලබා නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කළේ,

“දේශපාලනඥයාගේ හොරකම්, නාස්තිය නවත්වන්න කිව්වා. අපි එය කළා.. කොච්චර නාස්තියක් නතර කළාද.? මගේ වැය ශිර්ෂය 50%කින් කපලා තියෙන්නේ. මම සහතියක් දෙන්නම් ඒකත් ඉතුරු කරනවා මේ අවුරුද්දේ. අපි නාස්ති කරන්නේ නැහැ.

අපි කිව්වා හිටපු ජනාධිපතිවරුන්ට කැපකිරීම් කරන්න කියලා. අපි කිව්වා ඔයා ඉන්න ගේ ලොකු වැඩියි, ඒක වර්ග අඩි 30,500යි. පිට්ටනියක් වගේ ගෙවල්. ඉන්නේ දෙන්නයි පාළු නැද්ද.? පසුගිය කාලේ ප්‍රතිසංස්කරණ වියදම්වලට රුපියල් කෝටි 47ක්. අපි කිව්වා ඕක බර වැඩියි, ලොකු වැඩියි කිව්වා.

එතකොට කියනවා මාව එළියට දාන්න හදනවා, මගෙන් පළිගන්න හදනවා. පළිගැනීමක් නෙමයි මහජන මුදල් නාස්ති කරන්න එපා. ඒ නිසා අපි කියන්නේ කරුණාකරලා ගේ දෙන්න. ඉන්නම තැනක් නැත්නම් දෙන්නට හරියන්න ගෙයක් දෙන්නම්.

මුළු ජනාධිපති කාලෙම අවුරුදු 10ක් බැංකු ගිණුමට පඩිය ඇවිල්ලා පඩිය අරගෙන නෑ. ළඟ හිටපු පුද්ගලික ලේකම් පඩියට වැඩේ දීලා. එයාගේ විතරක් නෙමයි පුතාත් බැංකු ගිණුමට ආපු පඩිය අරන් නැහැ. පඩිය අමතක වෙනවා. හිතන්නකෝ කොච්චර ධනයක් ඇතිද.? දැන් කියනවා ඉන්න ගෙයක් නැහැලු. නැත්නම් එකක් දෙන්නම්. හැබැයි ඕක නම් දෙන්නේ නැහැ.” 

ගල්ගමුව ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
5 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.