ළිද ළඟ සංගමය වගේ.. එක මොහොතක් නිවසේ ඉන්නෑ.!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නිල නිවසෙන් ඉවත්වීම සදහා රජය නිල වශයෙන් දැනුම්දීමක් සිදුකරන්නේ නම් ඉවත්වීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් සදහන් කරයි.

අදාළ නිල නිවස මහින්ද රාජපක්ෂ වෙත යහපාලන ආණ්ඩුව විසින් නිල වශයෙන් ලබාදී ඇති බැවින් ඉන් ඉවත්වීමට අවශ්‍ය නම් නිල දැනුම්දීමක් සිදුකළ යුතු බවද සාගර කාරියවසම් සදහන් කරයි.

මෙම නිල නිවස භාරදීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂගේ ජීවිතයට එල්ල විය හැකි තර්ජනය සම්බන්ධයෙන් වූ වගකීම රජයක් ලෙස පවතින ආණ්ඩුව භාරගත යුතු බවද සාගර කාරියවසම් සදහන් කරයි.

සාගර කාරියවසම් සදහන් කළේ,

“හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඒ නිල නිවස භාර දුන්නේ නිල වශයෙන්. එතුමා එය භාර ගත්තෙත් නිල වශයෙන්. නිල වශයෙන් පදිංචි වෙලා ඉන්න නිල නිවසක් ඔබතුමන්ලාට අවශ්‍ය නම්, නිල වශයෙන් දැනුම්දීමක් කරන්න එතුමා එක මොහොතක්වත් ඒ ගෙදර රැඳිලා ඉන්නේ නැහැ.

එතුමා වාහම එම නිවසින් ඉවත් වෙලා යනවා. නමුත් ඔබතුමන්ලා හදන්නේ ළිඳ ළඟ සංගමය වගේ තැන් තැන්වල කියව, කියවා එතුමාව ලැජ්ජාවට පත්කරලා මහින්ද රාජපක්ෂ එතනින් එළියට බස්සන්න නම්, ඒ වැරැද්ද ඔබතුමන්ලාට කරන්න දෙන්නේ නැහැ..

මොකද ඊට පස්සෙ එතුමාගේ ජීවිතයට LTTE සංවිධානය හරහා හො ඩයස්පෝරාව හරහා කිසියම් තර්ජනයක් ඇති කරන්න ඔබතුමන්ලා මේ කාරනය තුලින් යම්කිසි කුමන්ත්‍රණයක යෙදෙනවා කියන කාරනය තමයි අපි හිතන්නේ.”

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සාගර කාරියවසම් මේ බව සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.