By unusuma.lk on
(LK time)මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සියලූ රාජකාරී කටයුතුවලින් ඉවත් වීමට සූදානම් වන බව වාර්තා වේ.
එළඹෙන පෙබරවාරි (01) වැනිදා විශ්‍රාම යෑමේ වයස සම්පූර්ණ වූවද, ඔහුගෙන් තවදුරටත් සේවය ලබා ගැනීමට ආණ්ඩුව මීට පෙර තීරණය කර ඇත.
එහෙත් පසුගිය කාලයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කටයුතු සහ ආර්ථිකය සම්බන්ධයෙන් ලේකම්වරයා සහ ආණ්ඩුව අතර මත ගැටුම් කිහිපයක් ඇති වී තිබේ.
විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරන්නේ මේ නිසා ලේකම්වරයා විශ්‍රාම යෑමෙන් පසු උපදේශකවරයකු ලෙස ඔහුගේ සේවය ලබා ගැනීමට ගෙන තිබූ තීරණයද බොහෝ විට ක්‍රියාත්මක නොවන බවයි.
ලේකම්වරයාගේ පාර්ශ්වයෙන් ද තමන් සියලු කටයුතුවලින් ඉවත් වීමට සූදානම් බව දැනුම්දී ඇතැයි අදාළ ආරංචි මාර්ග තවදුරටත් සදහන් කරයි.