හිටපු ජනපති මෛත්‍රීටත් වැඩ වරදී.!

අධිකරණය විසින් දුන් නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම සම්බන්ධයෙන් අප්‍රේල් මස (29) වනදා අධිකරණය හමුවේ පෙනී සිට දඬුවම් නොකිරීමට හේතුව ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) දින හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත නොතීසි නිකුත් කිරීමට නියෝග කළේය.

ඒ රෝයල් පාක් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහට ලබාදුන් ජනාධිපති සමාව අහෝසි කිරීමෙන් පසු රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙස අධිකරණය විසින් දුන් නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම සම්බන්ධයෙන්ය.

කෙසේ වෙතත් අද දින මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන සඳහන් කළේ, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් එම මුදල මේ දක්වා ගෙවා නොමැති බවයි. 

නඩුවේ තීන්දුව පසුගිය වසරේ දුන් අවස්ථාවේදී මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියනයක වන්දියක් මාසයක් තුළ ගෙවා අවසන් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර තිබුණේය.

Loading

One thought on “හිටපු ජනපති මෛත්‍රීටත් වැඩ වරදී.!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *