හිටපු මෛත්‍රීට දින දෙයි.!

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ගොනු කළ පෙත්සමක් විභාගයට ගැනීම සදහා එළැඹෙන පෙබරවාරි (06) වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (28) දින නියම කළේය.

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් තමාට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති පෞද්ගලික පැමිණිල්ල බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපතිවරයා මෙම පෙත්සම ගොනු කර ඇත.

මීට පෙර මෙම නඩුව විභාග කළ පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ විනිසුරුවරුන් කිහිප දෙනෙකු උසස් වීම් ලබා තිබීම හේතුවෙන් මෙම පෙත්සම නව විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා බවද විනිසුරු මඩුල්ල විසින් මෙහිදී නිවේදනය කළේය.

ඒ අනුව අදාළ පෙත්සම විභාගය පෙබරවාරි මස (06) වනදා නව විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවන බව විනිසුරු මඩුල්ල නියෝග කළේය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.