By unusuma.lk on
(LK time)අද (17) ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ මූලිකත්වයෙන් ආනයනික ටෙලි නාට්‍ය, චිත්‍රපට සහ වාණිජ වැඩසටහන් සඳහා වන බදු අයකරගැනීමට 30 දෙනෙකුගෙන් යුත් සමීක්‍ෂණ මණ්ඩලයක් පත් කළේය.
එම මණ්ඩලයට මෙරට ප්‍රවීණ ටෙලි නාට්‍ය ශිල්පීන්, ජනමාධ්‍යවේදීන් සහ ගීත රචකයන් ඇතුළු ටෙලි නාට්‍ය සහ චිත්‍රපට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් ඇතුළත්ව සිටිති.
ඒ අනුව එම මණ්ඩලය විසින් ඊට අදාල සමීක්ෂණ වාර්තාව කඩිනමින් අමාත්‍යවරයාට යොමු කිරීමට නියමිත අතර එයට කැබිනට් අනුමැතිය ලබාගැනීමෙන් පසු අදාළ නීති කටයුතු සිදුකිරීමට නියමිතයි.