ලසන්තගේ විරෝධතාව අස්සේ රිංගූ මනෝ ගනේෂන් පන්නා දමයි.!

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමට අදාළ නඩුවේ සැකකරුවන් තිදෙනෙකු මුදාහැරීමට නීතිපතිවරයා විසින් නිර්දේශ කිරීමේ සිද්ධියට එරෙහිව අද (6) දහවල් කොළඹ, නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක් පැවැත්විණි.

මෙම විරෝධතාව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් සංවිධානය කර තිබූ අතර ඒ සඳහා සමාජ ක්‍රියාකාරීන් සහ වෘතීය සමිති නායකයින්ද එක්ව සිටියහ.

“අපරාධකරුවන් රකින නීතිපති ගෙදර යනු !” “ලසන්තගෙ නඩුවේ සැකකරුවන් නිදහස් කළ ආකාරය හෙළිකරනු !” මැයෙන් යුතුව මෙම විරෝධතාව පැවැත්වූ අතර එම විරෝධතාව අතරට පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේශන් මහතාද පැමිණි නමුත් එහි සිටි මාධ්‍යවේදීන් සහ ජනතාව එක්ව ඔහු එම ස්ථානයෙන් පන්නා දැමීය.

ජනතාව පැවසූවේ හුදු දේශපාලන වාසි ලබාගැනීම පිණිස උත්සාහ කරනා අවස්ථාවාදීන් එම විරෝධතාව සඳහා අවශ්‍ය නොවන බවයි.

එල්ලවූ දැඩි විරෝධය හමුවේ මන්ත්‍රීවරයා එම ස්ථානයෙන් ඉවත්ව ගියේය.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.