By unusuma.lk on
(LK time)හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශකවරයාගේ කීර්ති නාමයට අපහාස වන ආකාරයේ අසත්‍ය ප්‍රවෘත්ති පළ කිරීම නිසා මිලියන 600ක වන්දියක් ගෙවන ලෙස ඔහුගේ නීතිඥ ඩී.එම්.එම්.එම්. විජයරත්න විසින් ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ වෙත එන්තර වාසියක් ලබාදී ඇත.
රාජ්‍ය දේපළ අවභාවිත කරමින් ද්වේෂ සහගත කරුණු පදනම් කරගෙන ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මාධ්‍ය අධ්‍යක්ෂ සිසිර සෙන්පති විසින් කළ ප්‍රචාරයන්ට එරෙහිව මෙම එන්තරවාසිය යැවූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ සදහන් කරයි.
පදනම් විරහිතව, කරුණු විකෘති කරමින් කරන ලද කරුණු සඟවමින් ද්වේෂ සහගත ප්‍රකාශයක් නිකුත් කර ඇති බවත් තම සේවාදායකයාගේ කීර්ති නාමයට වූ හානිය වෙනුවෙන් මිලියන 600ක වන්දි මුදල ලිපිය ලැබී දින 14ක තුළ ඔහු වෙත ගෙවන ලෙසද එම එන්තරවාසිය මගින් දැනුම් දී ඇති බවද මනෝජ් ගමගේගේ නීතිඥවරයා සදහන් කරයි.