By unusuma.lk on
(LK time)අද (ජන. 22) මරදාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පොලිස් සිර මැදිරියේ රඳවා සිටි කාන්තාවක් සියදිවි හානි කරගෙන ඇති බව පොලිසිය පවසයි.
වව්නියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32ක් වූ කාන්තාවක් මෙලෙස මියගොස් ඇති බව පැවසේ.
මෙම කාන්තාව පොලිසිය මගින් ඊයේ (21) විවෘත වරෙන්තුවකට අත්අඩංගුවට ගෙන පොලිස් සිරමැදිරිය තුළ රඳවා සිටි අතරවාරයේ මෙලෙස ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
මරදාන පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.