By unusuma.lk on
(LK time)ඉඩමකට කූඨ ලේඛන සකස් කර මුදල් වංචා කිරීමේ චෝදනාවකට අදාළව පසුගිය මාර්තු මසදී හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
හෙළි නොකළ රුපියල් කෝටි ගණනක දේපළ, යාන වාහන සහ බැංකු ගිණුම් පවත්වාගෙන යාම තුළින් අල්ලස් පනත යටතේ වරදක් කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට අද (06) දින කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාරදී ඇත.
කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ඉදිරියේ අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ මෙම අධිචෝදනා විත්තිකරුට භාරදීම සිදු කෙරුණේය.