By unusuma.lk on
(LK time)කොළඹ නගරාධිපතිනී ව්රායි කැලී බල්තසාර්ට සුබ පැතීමට නගර සභා පරිශ්රයට පැමිණි අයගේ මුදල් පසුම්බි ඇතුළු දේපළ සොරකම් කර ඇති බවට පැමිණිලි 8ක් ලැබී ඇතැයි කුරුඳුවත්ත පොලිසිය, කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණය වෙත ඊයේ (17 වැනිදා) දන්වා සිටියේය.
කොළඹ නගරාධිපතිනියට සුබ පැතීමට නගර සභා පරිශ්රයට පෙරේදා (16 වැනිදා) පෙරවරුවේ පැමිණි පුද්ගලයන් දෙදෙනෙකුගේ මුදල් පසුම්බි 2 ක් සොරකම් කර පලා යමින් සිටියදී අත්අඩංගුවට ගත් ගම්පොළ පදිංචි නවසිංහම් නඩේන්ද්රන් නමැති සැකකරු ප්රධාන මහෙස්ත්රාත් තනූජා ලක්මාලි හමුවට ඉදිරිපත් කරමින්, කුරුඳුවත්ත පොලිසිය පැවසීය.
කෙසේවෙතත් සැකකරු සොරකම් කරන ලද මුදල් පසුම්බිවල තිබී ඇත්තේ රුපියල් 480ක් සහ රුපියල් 300 ක් පමණ බවද පොලිසිය දන්වා සිටියේය.
පසුව අදාළ සැකකරු රුපියල් පනස්දහසක (50,000) ක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස ප්රධාන මහෙස්ත්රාත්වරිය නියම කර ඇත.