By unusuma.lk on
(LK time)පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය විසින් සිය සේවාව තුල නිර්මාණය වී ඇති ගැටලු සඳහා රජය විසින් විසඳුම් ලබානොදිම හේතුවෙන් වෘත්තිය ක්‍රියාමාර්ග වෙත එළඹීමට තීරණය කර ඇත.
ඒ අනුව හෙට (26) දිනය තුළ විසදුම් ලබා නොදෙන්නේ නම් අනිද්දා (27) දින උදෑසන 08.00ට වෘත්තිය ක්‍රියාමාර්ග ආරම්භ කරන බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය සඳහන් කරයි.
පැනනැගී ඇති ගැටලු විසඳා ගැනීමට සෞඛ්‍යය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සමග අවස්ථා කිහිපයකදි සාකච්ඡා සිදු කළද ඒ සියල්ල අසාර්ථක වු බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය සඳහන් කරයි.