By unusuma.lk on
(LK time)ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහර බන්ධනාගාර රෝහල් පරිශ්‍රයේ වාට්ටුවක රඳවා සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී.බී. දිසානායක මහතා පුවත්පතකට පිළිතුරු ලබාදෙමින් පවසයි.
මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ මර්වින් සිල්වා මහතා මහර බන්ධනාගාර රෝහලේ පරිශ්‍රයේ තිබෙන නවක රැඳවියන් රඳවා සිටින වාට්ටුවකම රඳවා ඇති බවයි.
හිටපු අමාත්‍යවරයා ඇතුළු තවත් රැඳවියන් 150ක් එම වාට්ටුවේ සිටින බවත් ඔහුට කිසිදු විශේෂ පහසුකමක් ලබා දී නොමැති බවත් ගාමිණී.බී. දිසානායක මහතා වැඩිදුරටත් පවසයි.
“ඔහු බන්ධනාගාරගත කරපු දවසේ ඉඳන් ඉන්නේ බන්ධනාගාර රෝහලේ තමා. රෝහලේ කියන්නේ ලෙඩ්ඩුන් ඉන්න තැනක නෙමෙයි. රෝහල් පරිශ්‍රයේ තියෙනවා නවක සිරකරුවන් රඳවන්න ස්ථානයක්. නවක සිරකරුවන් සතියක් දෙකක් එතන රඳවනවා. ඒ වාට්ටුවක තමා ඔහු රඳවා ඉන්නේ. එතකොට රෝහලේ නෙමෙයි. රෝහල් පරිශ්‍රයේ. දැන් ඔහු රඳවා ඉන්න වාට්ටුවෙත් රැඳවියන් 150ක් ඉන්නවා. එතකොට එයා නිදා ගන්නෙත් පැදුරක තමා. ඔහුට කිසිදු අමතර පහසුකමක් දීලා නෑ. නවක රැඳවියෙක් විදිහට එයාට නියමිත නවක සිරකරුවන් රඳවන ස්ථානයේ තමා ඔහු සිටින්නේ”
කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි ඉඩමක් සම්බන්ධයෙන් ව්‍යාජ ඔප්පු සකස් කළේ යැයි චෝදනාවක් මත මර්වින් සිල්වා ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් මාර්තු 06 මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මාර්තු 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.