By unusuma.lk on
(LK time)මිද්දෙණිය පොලිස් වසමේ කඩේවත්ත හන්දිය අසලදී පසුගිය පෙබරවාරි 18 එකම පවුලේ පියා, පුතා සහ දියණිය ඝාතනයේ වෙඩික්කරු බවට සැකකෙරෙන පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.
යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී වෙඩි තබා එම ඝාතනය සිදුකර තිබුනි.
එම වෙඩිතැබීමෙන් යතුරුපැදියේ ගමන්කළ 39 හැවිරිදි අරුණ විදානගමගේ නොහොත් “කජ්ජා” නැමැති අනුවර්ත නාමයෙන් හඳුන්වන පුද්ගලයා ස්ථානයේදීම මියගොස් තිබුණි.
මෙම වෙඩි තැබීමෙන්, 6 හැවිරිදි කුඩා දියණිය සහ 09 හැවිරිදි පුත්‍රයා ද බරපතළ තුවාල ලබා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගියේය.
පොලීසිය පැවසුවේ T56 වර්ගයේ ගිනිඅවියක් යොදා ගනිමින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය.
මෙම අපරාධයට අදාළව අද අත්අඩංගුවටගත් සැකකරු සමඟ මේ දක්වා සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් මිද්දෙණිය පොලීසිය හා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට වැඩිදුර විමර්ශන සිදු කරයි.
අත්අඩංගුවටගත් සැකකරුවන් අතර පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් සහ යුද හමුදාවෙන් පලාගොස් පසුව නීත්‍යානුකූලව ඉන් ඉවත් වී සිටි හිටපු යුද හමුදා සෙබළුන් දෙදෙනෙකු ද සිටි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් දේශපාලන කඳවුරකට දැඩි චෝදනා එල්ලවූ අතර මෙම අත්අඩංගුවට ගැනීම හරහා එම අභිරහස හෙළිවනු ඇත.