By unusuma.lk on
(LK time)මිද්දෙණිය පොලිස් වසමේ කඩේවත්ත හන්දියේදී වෙඩිතැබීමකින් 39 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ 06 හැවිරිදි දියණිය මියගොස් ඇති බව පොලීසිය පවසයි.
යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී නාඳුනන පුද්ගලයින් පිරිසක් විසින් මෙලෙස වෙඩි තබා තිබුණි.
එම වෙඩිතැබීමෙන් යතුරුදියේ ගමන්කළ පියා එම ස්ථානයේදීම මියගොස් ඇත.
බරපතළ තුවාල ලැබූ මරණකරුගේ පුතා සහ දියණිය තංගල්ල රෝහලට හා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දියණිය මියගොස් ඇති බව පොලීසිය පවසයි.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 39ක් හා දියණිය වයස අවුරුදු 06ක් පමණ වන ගල්පොත්ත පාර ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
මෙම වෙඩිතැබීම සඳහා ටී-56 වර්ගයේ ගිනිඅවියක් භාවිතා කර ඇති බවට පොලීසිය සැකකරයි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ආරම්භ කර ඇත.