By unusuma.lk on
(LK time)ගැමුණු හේවා බළකායේ නන්පේරියල් කඳවුරේ ස්ථානගත ආපදා සහන සේවා භට පිරිස් විසින් හිරිකටු ඔයේ ජල මට්ටම හදිසියේ ඉහළ යාම හේතුවෙන් සිරවී සිටි පුද්ගලයින් 35ක් සාර්ථකව මුදාගෙන ඇත.
දේශීය සංචාරකයින් 75 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් කොලොන්නාව ප්රදේශයේ සිට නන්පේරියල් ප්රදේශයේ සංචාරයක නිරත වී ඇති අතර එහිදී මෙම හදිසි සිද්ධියට මුහුණ දී ඇත.
හමුදා භට පිරිස්වල කඩිනම් ප්රතිචාර දැක්වීමේ ප්රතිඵල මත හිරිකටු ඔයේ ජල මට්ටම තවදුරටත් ඉහළ යාමට පෙර සිවිල් වැසියන් ආරක්ෂිතව මුදා ගැනීමට හැකි වූ බව යුද හමුදාව සදහන් කරයි.