By unusuma.lk on
(LK time)පතලක් තුළ සිරවීමෙන් දකුණු අප්‍රිකාවේ මියගිය කම්කරුවන් සංඛ්‍යාව 100 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර එම පිරිස නීතිවිරෝධී පතල් කම්කරුවන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දකුණු අප්‍රිකාවේ අතහැර දැමූ රන් පතලක කැනීම් කරමින් සිටි කම්කරුවන් පිරිසක් මෙම අනතුරට ලක්ව ඇති අතර මොවුන් දින ගණනක් පතල තුළ සිරවී සිට ඇති අතර කුසගින්න සහ විජලනය හේතුවෙන් ඔවුන් මියගොස් ඇති බවට සැක කරයි.
කෙසේ වෙතත් එම පතලේ සිරවී සිටි කම්කරුවන් කිහිපදෙනෙකු බේරාගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.