By unusuma.lk on
(LK time)රජය විසින් ඇමැතිවරුන්ගේ වරප්‍රසාද සියයට පනහකින් පමණ කප්පාදු කළා මිස කිසිම වැඩි කිරීමක් කළේ නැතැයි මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේදී සදහන් කරයි.
අමාත්‍ය ආනන්ද විජේපාල සදහන් කළේ,
“කලින් හිටපු ඇමැතිවරයකු වාහන තුනක් භාවිත කළා. අපි ඒක දෙකට අඩු කළා. ඇමැතිවරයකුට ඩීසල් ලීටර් 2250ක් දුන්නා. අපි ඒක ලීටර 900ට අඩු කළා. කලින් ඩීසල් ලීටර් 1800ක් දුන්නා.
ඒකත් අපි 900ට අඩු කරලා තිබෙනවා. ඇමැතිවරයකුගේ හා රියැදුරකුට අතිකාල පැය ගණන 200 ක් ලබාදී තිබුණා. අපි ඒක 180ට අඩු කළා. අපි වැඩි කරලා තිබෙන්නේ නියෝජ්‍ය ඇමැතිවරයකුගේ රියැදුරාගේ අතිකාල පැය ගණන පමණයි.
ඒක අපි 150 සිට 180 දක්වා වැඩි කළා. එහෙම කළේ දැන් ඇමැති වගේම නියෝජ්‍ය ඇමැතිත් විශාල කැප වීමකින් වැඩ කරන නිසා රියැදුරාටද ඒ හා සමානව වැඩ කරන්න සිදුව තිබෙන නිසයි. අපි උපදේශකයන් දෙන්නෙකුට සීමා කරලා තිබෙනවා.
ඒ කාලේ ජනාධිපතිවරු උපදේශකයන් අනූ ගාණක් තියාගෙන ඉන්න කොට කතා නොකළ මන්ත්‍රීවරු දැන් තොරතුරු විකෘති කරමින් ආණ්ඩුවට මඩ ගහන්න අසාර්ථක උත්සාහයක යෙදෙනවා. සභාවත් ජනතාවත් නොමග යවන්න බොරු කියන්න එපා කියලා මම ඉල්ලා සිටිනවා.”