අඩු වූ හැටියෙම සහතික මිල එළියට.!

වෙළෙඳපොළේ වී මිල අඩු වීම ආරම්භ වූ පළමු අවස්ථාවේදීම වී සදහා සහතික මිලක් නියම කිරීමට පියවර ගන්නා බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි.

සහල් වල සහතික මිල ඉවත් කරන්න කිසිම බලාපොරොත්තුවක් නැති බවත් දැනට වී සදහා ඉහළ මිලක් පවතින බැවින් සහතික මිලක් නියම කිරීමේ අවශ්‍යතාවක් නොවන බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි.

අමාත්‍ය නලින්ද ජයතිස්ස සදහන් කළේ,

“ගොවියාට මේ වෙලාවේ වාසිය වී රජයට ලබා දෙන එක නෙමෙයි එදිනෙදා වෙළෙඳාම සදහා හාල් කරලා වෙළෙඳපොළට නිකුත් කරන අයට වී ලබාදීමයි. හැබැයි මහා පරිමාණයෙන් වී මිලදී ගත්තාට පස්සේ ඒකට මුහුණ දෙන්න රජය සතුව වී තොග තිබිය යුතුයි.

අපි රජය මැදිහත් වෙලා වී ගබඩා අලුත්වැඩියා කරන්නෙත්, වී මිලදී ගැනීම සදහා රජය යම් මුදලක් වෙන් කරලා තියෙන්නෙත්, සමස්ත වී ප්‍රමාණයම රජය මිලදී ගන්න නෙමෙයි. ඒක රජයට කරන්නත් බෑ සහ කළ යුතුත් නෑ. අපේ රටේ වී වෙළෙඳපොළත් එක්ක ඉන්න සුළු, කුඩා, මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් රාශියකුත් ඉන්නවා.

අපිට අවශ්‍ය කරන්නේ ගොවියාට සහ පාරිභෝගිකයාට දෙන්නාටම සහන සැලසෙන විදිහට රජය මැදිහත් වීමක් කරලා මිල යම් ප්‍රමාණයකට පාලනය කරගෙන තියාගෙන ඉන්න එක. අපේ මැදිහත්වීමෙන් ගොවියාට අසාධාරණයක් නොවිය යුතුයි, පාරිභෝගිකයාටත් අසාධාරණයක් නොවිය යුතුයි.

සහල් වල සහතික මිල ඉවත් කරන්න කිසිම බලාපොරොත්තුවක් නෑ ඒකට සරිලන ලෙස වී වලට අවම සහතික, මිලක් නිකුත් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒකට වෙළෙඳපොළේ හැසිරීම දිහා බලමින් වී මිල අඩු වෙනවා කියලා දැනිච්ච ගමන් රජයේ සහතික මිල ප්‍රකාශයට පත් කරනවා.”

Loading

Tell me 💬
Notify of
guest
3 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.