ආරක්ෂක අමාත්‍යාංශයේ අධික්ෂණය යටතේ විශේෂ මධ්‍යස්ථානයක්.!

නිදහස වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ හා රණක්ෂිතයට පත් මෙන්ම, විශ්‍රාමික රණවිරුවන්ගේ සුබසාධනය සහ ප්‍රතිලාභ සම්බන්ධව පවතින ගැටලු නිරාකරණය කිරීම පිළිබඳව සොයා බැලීමට පත් කරන ලද කමිටුවේ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ තවත් සාකච්ඡාවක් (24) දින නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කාර්‌යාලයේදී පැවැත්විණි.

මින් පෙර පැවති සාකච්ඡා වලදී එළඹි තීරණයකට අනුව හමුදා සේවයේ යෙදී සිට විශ්‍රාමික, මියගිය, ආබාධිත, යුද්ධයේදී අතුරුදහන්වු, නීත්‍යානුකූලව හමුදාවෙන් ඉවත් වූ හමුදා සාමාජිකයින් සහ වැන්දඹුවන්/එම පවුල්වල සාමාජිකයින් සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලබා ගැනීම සහ ඔවුන්ගේ නොවිසදුනු ගැටළු නිරාකරණය කිරීම සම්බන්ධයෙන් රණවිරු සේවා අධිකාරියේ විශේෂ ඇමතුම් මධ්‍යස්ථානයක් ආරක්ෂක අමාත්‍යාංශයේ අධික්ෂණය යටතේ කඩිනමින් ආරම්භ කිරීමට තීරණය කරන ලදී.

තවද පවතින ගැටළු සම්බන්ධයෙන් දැනුම්දීමට ක්ෂණික ඇමතුම් අංකයක් හදුන්වා දී ඒ හරහා දැනුම්දෙන ලද ගැටළු වාර්තා කර ඒ සම්බන්ධව පසු විපරම් කිරීම තුලින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධව නිසි පරිදි ඔවුන් වෙත සන්නිවේදනය කිරීමට අවශ්‍ය කටයුතු කඩිනම් කිරීමට කටයුතු සිදු කරන ලෙස නියෝජ්‍යය අමාත්‍යවරයා මෙහිදී අදාළ නිලධාරීන් හට උපදෙස් ලබාදෙන ලදි.

දිවිපිදු රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් මෙන්ම, රණක්ෂිතයට පත් රණවිරුවන් මුහුණ දෙන දිගු කාලීන ගැටළු නිසි ක්‍රම වේදයක් ඔස්සේ හඳුනා ගැනීමටත්, පසුගිය කාලසීමාව පුරාවට නොවිසඳුණු අවශ්‍යතා සහ ගැටලුවලට වඩාත් ප්‍රයෝගික මෙන්ම කඩිනම් විසඳුම් ලබාදීම සඳහාත් නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මෙම ජ්‍යෙෂ්ඨ කමිටුව පසුගිය වසරේ දෙසැම්බර් මස ස්ථාපිත කරන ලදි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.