By unusuma.lk on
(LK time)පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරින් විසින් වී සහ බොල් වී මිශ්‍ර කරන මින්නේරිය ප්‍රදේශයේ වී ගබඩාවක් වටලා තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසන්නේ එම වැටලීමේදී එම ගබඩාවේ තිබී බොල් වී සමඟ මිශ්‍ර කළ වී කිලෝ 6,000 ක් පමණ සොයාගත් බවයි.
මේ වනවිට අදාළ වී ගබඩාවට මුද්‍රා තැබීමට එම නිලධාරින් කටයුතු කර ඇත.
ගබඩාවේ හිමිකරු එළැඹෙන 21 වනදා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරින් කටයුතු කර තිබේ.