කෝටි 88ක් නාස්ති කළ කර්මාන්ත පුරේ.. 35ට එකම එකයි.!

කෝටි 35.6ක් වැය කරමින් පසුගිය 2010 වසරේ මන්නාරමේ ආරම්භ කළ කර්මාන්ත පුරය වසර දහතුනත් අවසන් වන විට වල්බිහින තත්ත්වයක පවතින බව විගණන වාර්තාවකින් අනාවරණය වේ.

කර්මාන්තපුර නවයක් සංවර්ධනයට වැය කළ රුපියල් කෝටි 88ක්ද නාස්තිකාර වියදම් බවට පත්ව ඇතැයිද එම විගණන වාර්තාවේ සදහන් වේ.

මන්නාරමේ නව කර්මාන්ත පුරයක් ආරම්භ කිරීමට අක්කර 24ක භුමියක් අත්පත් කරගෙන ඇති අතර එහි කෘෂි, ධීවර හා ආහාර නිෂ්පාදන සම්බන්ධ කර්මාන්තකරුවන්ට අයෝජන අවස්ථා ලබාදී ඇති බවද සදහන් වේ.

එහෙත් වසර 13ක් අවසන් වන විට එහි අක්කර 6ක භූමියක එකම එක කර්මාන්තකරුවකු පමණක් කර්මාන්තයක් අරඹා ඇති අතර එයද මූලික අරමුණෙන් බැහැර වූ ඇඟලුම් කර්මාන්තයක් බව විගණන වාර්තාවෙන් හෙළිදරව් වේ.

කොන්ත්‍රාත්කරුවන්ට එකවර කෝටි 48.95ක් නිදහස් කර ඇති අතර එහෙත් ඒ කිසිදු සංවර්ධන කටයුත්තක් සිදුකර නැති බවද විගණන වාර්තාවෙන් අනාවරණය වේ.

මෙම කර්මාන්තපුර සංවර්ධනයට රුපියල් කෝටි 100ක් ඇස්තමේන්තු කර වෙන්කර තිබූ අතර එයින් කෝටි 88ක් වියදම් කර ඇතැයිද එම විගණන වාර්තාවේ සදහන් වේ.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.