By unusuma.lk on
(LK time)පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාතන් අර්ජුනා මහතා විසින් සිදුකළ බව කියන පහරදීමකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා දැනට යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර, මන්ත්‍රීවරයා ද යාපනය පොලිස් ස්ථානයට ගොස් තමාට පහර දුන් බවට පැමිණිල්ලක් ගොනු කර ඇත.
යාපනය වාලම්පුරි ප්‍රදේශයේ හෝටලයකදී ඇති වූ බහින්බස්වීමකදී මන්ත්‍රීවරයා විසින් මෙම පහරදීම සිදුකර ඇත.
එම හෝටලයේදී ආහාර ගනිමින් සිටියදී මන්ත්‍රීවරයා සහ පිටස්තර පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇතිවුණු වචන හුවමාරුවක් දුරදිග යෑමෙන් පසු මන්ත්‍රීවරයා විසින් මෙම පහරදීම සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වෙයි.
වැඩිදුර විස්තර අනුව, මන්ත්‍රීවරයා එම හෝටලයේ දී වීඩියෝ පටිගත කිරීමක නිරත වූ අවස්ථාවේ, එහි සිටි පුද්ගලයෙකු තමා වීඩියෝ පටිගත නොකරන ලෙස ඉල්ලා සිට ඇත.
පොලීසිය පවසන පරිදි, දැනට දෙපාර්ශවයෙන්ම ලැබී ඇති පැමිණිලි මත පූර්ණ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, ඉදිරියේ දී අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගනු ලබන බව සඳහන් කරයි.
සිදුවීම සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන අතර දෙපාර්ශවයේම ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු කරමින් පවතින බව ද පොලිස් ප්‍රකාශක මාධ්‍ය වෙත පවසා සිටියේය.