නැටුම් දෙකකට වැටුප් ගෙවූ අමිල ප්‍රසාද් මාලිමාවේ පඩි පත විමසයි.!

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ පසුගිය මාසයේ සිය වැටපු වියදම් කළ ආකාරය පිළිබදව මාලිමාවේ මන්ත්‍රීවරුන් රටට හෙළිකළ යුතු බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලබන වැටුප් සහ දීමනා පිළිබදවද මෙහිදී හෙළිදරව් කළ මන්ත්‍රීවරයා පවසා සිටියේ වැටුප 54,000ක්, කාර්යාල දීමනාව 100,000ක්, ඉන්ධන සඳහා 100,000ක්, දුරකතන දීමනාව 50,000ක් සහ සංග්‍රහ දීමනාව ලෙස 1000ක් ලෙස සියළුම මන්‍ත්‍රීවරුන්ට හිමිවන බවයි.

ඉදිරියේදී ඉන්ධන දීමනාව වෙනුවට ඉන්ධන කාඩ්පත් ක්‍රමයක් හඳුන්වාදිය යුතු බවටද යෝජනාවක් කළ මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේ වෛරී දේශපාලණයක නිරතවූ ජ.වි.ප මන්ත්‍රීවරු ලැබූ වැටුප වියදම් කළ ආකාරය රටට හෙළි කළ යුතු බවයි.

එමෙන්ම මන්ත්‍රීවරයා පසුගිය මාසයේ ලැබූ වැටුප වියදම් කළ ආකාරයද පැවසූ අතර මීරිගම පෙරහැරේ නැටුම් කණ්ඩායම් දෙකක් සඳහා රුපියල් 92,000ක් ගෙවූ බවත්, මීගමුව ප්‍රදේයේ ක්‍රීඩා සමාජයකට රුපියල් 15,00ක් ලබාදුන් බවත්, දිවුලපිටියේ ක්‍රීඩා තරඟයක් සඳහා රුපියල් 10,000ක් ලබාදුන් බවත්, රුපියල් 5,000 බැගින් පවුල් දෙකක් සඳහා පොත් මිලදී ගැනීමට ලබාදුන් බවත් සහ සැණකෙලියක් සඳහා රුපියල් 10,000ක් ලබාදුන් බවත් ය.

එමෙන්ම මෙවර වැටුපෙන්ද වේදිකා නාට්‍යක් සහ සංගීත සංදර්ශනයක් සඳහා සිය වැටුප ප්‍රදානය කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් කළේය.

Loading

Tell me 💬
Notify of
guest
7 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.