පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී. මනතුංග මහතා මහතා පවසන්නේ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණය තුළ ගණේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කිරීම සඳහා දෙදෙනෙක් පැමිණ ඇති බවයි.
ඒ අනුව නීතිඥවරයෙකු සහ නීතිඥවරියක් ලෙස වෙස්වලාගත් දෙදෙනෙකු මෙලෙස පැමිණ ඇති බවට අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
එසේම නීතිඥයෙකු ලෙස වෙස්වලාගත් පුද්ගලයා හිස් අතින් අධිකරණය තුළට පැමිණ ඇති බවත් ඉන් අනතුරුව නීතීඥවරිය ලෙස වෙස්වලාගත් කාන්තාව විසින් පොතක් තුළ සඟවාගෙන පැමිණි ගිනිඅවිය ලබාගෙන ඇති බවට සිදුකළ මූලික පරීක්ෂණවලදී මේ වනවිට අනාවරණය වී ඇත.