29 හැවිරිදි කත ගෙල කපා ඝාතනය කරලා.!

වාද්දුව වේරගම උපදිංචිව සිටි ඉෂාරා නිශා දිනී සල්ගාදු 29 කාන්තාවක් සිය සැමියා විසින් ගෙල කපා ඝාතනය කර ඇතැයි වාද්දුව පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්වූ කාන්තාව වයස මාස හයක, අවුරුදු තුනක සහ අවුරුදු හයක දරු තිදෙනෙකුගේ මවකි.

ඝාතනය සම්බන්ධයෙන් 37 හැවිරිදි සැමියා ඝාතනයට යොදාගත් මන්නයත් සමග පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අඹු සැමියන් දෙදෙනා අතර නිවස තුළදී ඇති වූ ආරවුලකින් අනතුරුව නිවසේ ඇඳ මත සිටි බිරිඳට සැමියා විසින් මන්නයෙන් පහර දී මෙම ඝාතනය සිදුකර ඇතැයි මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

Loading

Tell me 💬
Notify of
guest
4 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.