ජනේලයෙන් ගෙට රිංගූ මාරය දුව ඉදිරියේ අම්මා මරලා.!

නාවලපිටිය සෙම්රොක් ප්‍රදේශයේ පදිංචිව සිටි ගයානි දිල්රුක්ෂි කුමාරි (46) හැවිරිදි තිදරු මවක් අද (04) දින අලුයම ඝාතනයට ලක් වි ඇති බව පොලීසිය පවසයි.

එම කාන්තාව ඝාතනය කර ඇත්තේ සැමියා විසින් වන අතර දියණියගේ නිවසේ නිදාගෙන සිටියදී මෙලෙස පිහියකින් කපා ඝාතනය කර සැමියා නාවලපිටිය පොලිසියට භාර වී ඇත.

එම කාන්තාව සිය සැමියාගේ නිරන්තරයෙන් ආරවුල් හේතුවෙන් දියණියගේ නිවසේ නැවති සිටි බව පැවසේ

ජිවිතක්ෂයට පත් කාන්තවගේ දියණිය විසින් පොලිසියට ලබාදුන් ප්‍රකාශයේ සඳහන්ව ඇත්තේ අද (04) දින අලුයම 1.30 ට පමණ පිහියක් සහිතව නිවසේ පහල මහලේ ජනේලය මතින් හොර රහසේ නිවසට ඇතුල් වු පියා නිවසේ කාමරයේ නිදාගෙන සිටි මවට පිහියෙන් ඇණිමත් සමග මව බේරිම සදහා නිවසෙන් පිටතට දිවගිය බවත්, මව පිටුපසින් හබා ගිය පියා නිවසෙන් පිටතදි යලිත් මවට පිහියෙන් ඇණ ගලකින් හිසට ගසා මව ඝාතනය කල බවයි.

මව බේරිමට ගිය දියණියට තුවාල සිදු වි ඇති බවත්, මෙම ඝාතනය පවුල් ආරවුලක් මත සිදු ඝාතනයක් බවත්, ජිවිතක්ෂයට පත් කාන්තාව සහ සැකකාරු සැමියා කාලයක් තිස්සේ වෙන් වි ජිවිත් වි ඇති බව සිදු කරන ලද මුලික විමර්ෂණ වලදි අනාවරණය වු බව ස්ථානාධිපතිවරයා කියා සිටියේය.

සැකකරු යුධ හමුදාවේ සේවය කර පසුව වෛද්‍ය වාර්තා අනුව සේවයෙන් ඉවත් වු පුද්ගලයෙකු බවද පොලිසිය පැවසිය.

නාවලපිටිය මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණ සදහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බවද ස්ථානාධිපතිවරයා පැවසිය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.