By unusuma.lk on
(LK time)මෙවර අයවැයෙන් තමන්ට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය හෙට (6) විරෝධතාවක නිරත වීමට සැලසුම් කර තිබෙනවා.
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසන්නේ මෙතෙක් මූලික වැටුපට 1/160 අනුපාතයක් ලෙස ගෙවූ අතිකාල දීමනාව 1/200 දක්වා පහත දැමීම, මූලික වැටුපට අනුව දෙවැනි ශ්‍රේණියේ සිට ඉහළට රජයේ නිවාඩු දින දීමනා හා සති විවේක දින සේවය වෙනුවෙන් ගෙවූ 1/20 දීමනාව 1/30 දක්වා පහළ දැමීම, උසස්වීම් ක්‍රමවේදය කප්පාදු කිරීම යනාදී කරුණු මුල්කරගෙන මෙම උද්ඝෝෂණ ක්‍රියාත්මක කරන බවයි.
මේ අතර විරෝධතාව පිළිබඳ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේ අදහස් දක්වමින් කියා සිටියේ ආණ්ඩුවේ මංගල අයවැයට ඇතැම් වෘත්තිය සමිති කළබල වී ඇති බවයි.
තම සංවිධානය මෙම විරෝධතාවලට එක්වන්නේ නොමැති බවත් රජය විසින් යම්කිසි වැටුප් කප්පාදුවක් සිදුකර ඇතිනම් අප්‍රේල් මස වැටුප ලැබීමෙන් පසු ඒ සම්බන්ධයෙන් දැඩි වෘතීය ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍යවරයාට දන්වා ඇති බවත් උන්වහම්න්සේ සඳහන් කළේය.
රජය විසින් එවැනි කප්පාදුවක් සිදුකර නැති බව පෙන්වාදී ඇති පසුබිමක, දේශපාලන අරමුණු වෙනුවෙන් රෝගී ජිවිත අවධානමේ දමමින් නිල ඇඳුමේ ගෞරවය විනාශකරමින් විරෝධතා පැවැත්වීමට තම සංගමය සූදානම් නොමැති බවත් උන්වහන්සේ සඳහන් කළේය.
එමෙන්ම හෙට දින පැවැත්වෙන විරෝධතාව සඳහා තම සංගමයේ සාමාජිකයෙකු සහභාගී වුවහොත් ඒ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත්, සාමාජිකත්වය අහෝසි කිරීමට කටයුතු කරනා බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවසීය.