ගාල්ලේ පිපුණ ලොව දුබලම බිම්මල.!

අධික වැසි සමයේදී පමණක් හටගන්නා ලොව කලාතුරකින් දක්නට ලැබෙන හතු විශේෂයක් ගාල්ල, හපුගල නිවසකින් සොයා ගැනීමට හැකි වූ බව ජාත්‍යන්තර Ceylon Journal of science සඟරාවේ ප්‍රකාශයට පත්කර ඇත.

අධික දුර්ගන්ධයකින් යුතු මෙම බිම්මල් විශේෂය රෝස සහ රතු පැහැති වන අතර පුරුෂලිංගයක හැඩය ගන්නා බවත් දුර්ගන්ධය නිසා නිල මැස්සන් මෙයට ආකර්ෂණය වන බවත් බිම්මල තම වර්ගයා බෝකරනු ලබන්නේ එම මැස්සන්ගේ ආධාරයෙන් බව විද්‍යාඥයෝ සදහන් කරයි.

මෙම බිම්මල් පළමු වරට මැලේසියාවෙන් සොයාගෙන ඇති අතර අනතුරුව මැඩගස්කරය වාර්තා වී ඇත. 1919 වසරේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති අතර ඒ පේරාදෙණිය උද්භිද උද්‍යානයේ උණ පඳුරු අතර තිබියදීය.

මෙම හතු විශේෂය මුටිනස් බම්බුසිනස් (Mutinus Bambusinus) ලෙස නම් කර ඇත.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.

1
0
Would love your thoughts, please comment.x
()
x