By unusuma.lk on
(LK time)මුලතිව් කෝපිලාව් සරණාගත කඳවුරේ රඳවා සිටින මියන්මාරයේ සිට පලා ආ කාන්තාවක විසින් ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය හිමිවන ප්‍රථම රොහින්ග්ස් දරුවා වන පිරිමි දරුවෙක් මුලතිව් රෝහලේදී ප්‍රසූත කර ඇත.
යුද ගැටුම් හේතුවෙන් ජීවිත බේරාගෙන වෙනත් රටකට පලා යමින් සිටියදී ගමන් ගත් යාත්‍රා වරින් වර කාර්මික දෝෂයන්ට ලක්වීම හේතුවෙන් මියන්මාරයේ රෝහින්ග යා සරණාගත පුද්ගලයන් 115 දෙනකු සහිත එක් යාත්‍රාවක් ඉකුත් දෙසැම්බර් (19) වැනිදා මුලිතිව් මුල්ලවයිකාල් වෙරළ තිරයට ළඟා විය.
මෙම පිරිස ලංකාවට පැමිණීමෙන් අනතුරුව ඔවුන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර සරණාගත නීතීන්ට අනුව කටයුතු කරන ලෙස ඉල්ලා විවිධ පාර්ශ්ව රජයට බලපෑම් කළ අතර එම පිරිස නැවත පිටුවහල් නොකරන ලෙසට ඉල්ලා මානව හිමිකම් සංවිධාන ඇතුළු කණ්ඩායම් කොළඹදී මෙන්ම මුලතිව් ප්‍රදේශයේදී විරෝධතා දැක්වීය.
මෙරට වෙරළ තීරයට පැමිණීමෙන් පසුව නාවික හමුදාව මගින් ඔවුන් ත්‍රිකුණාමලයට රැගෙන යනු ලැබූ අතර එහිදී අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මුලතිව් ගුවන් හමුදා කඳවුර සරණාගත කඳවුරක් බවට පරිවර්තනය කරමින් එම පිරිස දෙසැම්බර් (23) වැනිදා සිට එහි රඳවනු ලැබීය.
මෙම පිරිස අතර සිටි ගැබිනි මවක් පෙරේදා රාත්‍රියේ අසනීප තත්ත්වයක් පෙන්නුම් කිරීම හේතුවෙන් මුලතිව් රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව දරුවා බිහිකර ඇත.