කොළඹ සිට මහනුවරට අමු නිරුවතින් ගිය අයෙකු කඩුගන්නාවෙන් අල්ලයි.!

නුගේගොඩ සිට මහනුවර දක්වා යතුරුපැදියක් නිරුවතින් පදවාගෙන ගිය තරුණයෙක් කඩුගන්නාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

දැඩි පරිශ්‍රමයකින් පසුව පොලීසිය විසින් අදාළ තරුණයා අත්අඩංගුවට හෙන ඇති බව සඳහන්.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 24 හැවිරිදි වියේ පසුවන තරුණයෙක් වන අතර මාවනැල්ල පොලිසියෙන් එම පුද්ගලයා අත් අඩංගුවට ගැනීමට උත්සහ කලද එම උත්සාහය ව්‍යර්ත වී තිබෙනවා.

ඒ අනුව කඩුගන්නාව ප්‍රදේශයේදී බස් රථයක් මග හරස් කරමින් මෙම යතුරුපැදිය නවතාගෙන අදාළ පුද්ගලයා අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

පොලිසිය යතුරුපැදිය නවතාගත් අවස්ථාවේදී සැකකාර පුද්ගලයාගේ සිරුරේ නූල් පොටක් හෝ නොතිබුණු බව කඩුගන්නාව පොලිසිය පවසයි.

පසුව කඩුගන්නාව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් කමිසයක් හා ටී ෂර්ටයක් රැගෙන විත් සැකකරුට අන්දවා පසුව ඔහු හා යතුරුපැදිය පොලිසිය භාරයට ගෙන ඇත.

මෙම සැකකරුගේ මව වෛද්‍යවරියක වන අතර පියා ව්‍යාපාරිකයෙකු වේ. සැකකරු සිය යතුරපැදියෙන් අලුයම 04 ට නුගේගොඩ නිවසේ සිට පැමිණ ඇති බවද ප්‍රකාශ කර ඇත.

තමන් යතුරුපැදියේ ගමන් කරන අතරතුර ඇඳුම් ඇඳගත් බොහෝ දෙනකු ගමන් කරනු දුටු බවත් තමා අන් අයට වඩා ආකර්ෂණය කරගැනීම වෙනුවෙන් තමා එකින් එක ඇඳුම් ගලවා ගෙන යතුරුපැදිය ධාවනය කළ බවත් සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත.

සැකකරු මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනිද්දා (05 වැනිදා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකළ අතර සැකකරු මානසික වෛද්‍ය පරීක්ෂණයකට යොමුකිරීමට එහිදී නියෝග කෙරිණි.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.