වෛද්‍යවරියක් දූෂණය කිරීමේ සිද්ධිය මුල්කර ගනිමින් ආරම්භ කර ඇති වෛද්‍ය වර්ජනය අවසන් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඉල්ලීමක් කරයි.
වෛද්‍යවරියගේ සිද්ධිය මුල්කර ගනිමින් මේ වනවිට රෝහල් කාර්ය මණ්ඩලය මෙන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෛද්‍යවරුන් වර්ජන ක්‍රියාමාර්ගයක නිරතව සිටින අතර එය නතර කරන ලෙස අමාත්‍යවරයා ඉල්ලීමක් කරයි.
අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සදහන් කළේ,
“පැය 36ක් යන්න කලින් අපි සැකකරු අත්අඩංගුවට ගත්තා. කණ්ඩායම් 5ක් පරීක්ෂණ සිදු කළා. ඊයේ රාත්‍රියේදී තොරතුරු ලැබුණා. සැකකරු ඉන්න ප්‍රදේශය ගැන. ඒ අනුව පරීක්ෂණ සිදුකරලා අද උදෑසන ඔහුව අත්අඩංගුවට ගත්තා.
දැන් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකෙරෙනවා. සමාජ මාධ්‍යවලින් වගේම මාධ්‍යවලින් රජයක් හැටියට අපි ඉල්ලීමක් කළා. අනන්‍යතාව හෙළි කරන්න එපා කියලා. මාධ්‍ය ඒ වගකීම ඒ විදියටම ඉටු කළා. ඒකට මම ස්තූතිවන්ත වෙනවා.
කිසිම මාධ්‍යයක් අනන්‍යතාව හෙළිකරලා තිබුණේ නැහැ. ඉදිරියටත් ඒ විදියටම කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. අද උදෑසන මම අනුරාධපුර රෝහල් පරිශ්‍රයේ සංචාරයක නිරත වුණා. එහි සේවකයින් බියෙන් තැතිගැන්විලා ඉන්නේ මේ සිද්ධියත් එක්ක.
අපි සැලසුම් කරලා තියෙනවා ආරක්ෂක කටයුතු ඉදිරියට ගැටලුවකින් තොරව සිදුකරගෙන යන්න. ආරක්ෂක සේවාවේ අඩු පාඩු තියෙනවා. ඒ ගැනත් සාකච්ඡා කළා. අනුරාධපුර වගේ ප්‍රදේශයකට යන වෛද්‍යවරුන් අපි ආරක්ෂා කරගන්න ඕනේ. ඔවුන් ලොකු කැපකිරීමක් කරන්නේ.
මෙම සැකකරු අත්අඩංගුවට ගත්තට පස්සෙත් මෙම වැඩවර්ජනය යළි නතර කිරීමේ හැකියාව තිබුණා. මොකද සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ ආරක්ෂාව ගැන කල්පනා කරනවා වගේම, ප්‍රතිකාර ලබාගන්නා, බදු ගෙවා වැටුප් හැටියට ඒවා ලබාදෙන රටේ ජනතාව පිළිබදවත් අපි සහකල්පනයෙන් කටයුතු කළ යුතුයි.
ඒ ජනතාව නිසා තමයි රටක් ඉස්සරහට යන්නේ. එනිසා මම හිතනවා, අද වුණත්, මේ දැන් වුණත් මේ වැඩ වර්ජනය යළි නතර කිරීමේ හැකියාවක් තියෙනවා. කරුණාකර ඉල්ලන්නේ මේ මොහොතේ, රජයේ රෝහල්වලට පැමිණෙන රෝගී ජනතාව පිළිබදව කම්පනයක් තිබෙන්නට ඕනා.”
එයාල වෙනම ජන කොට්ටාසයක් විදියට හිතනවා නම් , රටේ ජනතාවත් එයාලට ඒවිදියට සලකයි.
මේ GMOA එකේ ඉන්නෙ රනිල්ගෙ ගැත්තො ටිකක්. ඊයෙ පෙරේදා වජිර අබේවර්ධන, රනිල් පාර්ලිමේන්තුවට ගේන්න ඕනේ කියන යෝජනාව තියපු form එකේ මුං ඔක්කොම ඇවිත් හිටියා. මුංට දැන් ඕන හරියට යන රට ආපහු රනිල් සීයට හරියන විදියට පෙරලා ගෙන private practice කරන ඉස්පිරිතාල රැකගන්න. නැතුව රජයේ ඉස්පිරිතාල තව දියුණු උනොත් මුංට private practice නවත්තන්න වෙනවා.
අද ස්ට්‍රයික් කලාට හැන්දෑවට PP යනවා අපුරුවට ගාන හොයාගන්න
මුන් ඇත්ත්ටම සක්කිලි දොස්තරලා නෙවි