සෞඛ්‍යමත් ලොවක් වෙනුවෙන් නලින්ද ස්විට්සර්ලන්තයට.!

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වන වාර්ෂික මහා සමුළුවට සහභාගී වීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (18) පෙරවරුවේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නගරය බලා පිටත්ව ගියේය.

“එකම සෞඛ්‍යමත් ලොවක්” යන තේමාව යටතේ මෙම සමුළුව පැවැත්වෙන්නේ මැයි 19 සිට 27 දක්වා වන අතර ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුයුක්ත සියලුම රටවල්වල සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ රාජ්‍ය නිලධාරීන් පන්දහසකට අධික සංඛ්‍යාවක් සමුළුවට එක්වීමට නියමිතය.

මෙහිදී, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අදහස්, යෝජනා සහ පර්යේෂණ දත්ත පදනම් කරගෙන ලෝක සෞඛ්‍ය ප්‍රතිපත්ති හා ඉදිරි සැලසුම් සකස් කිරීම සඳහා පුළුල් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාට අමතරව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාං‍ශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක, එක්සත් ජාතින්ගේ සංවිධානයේ ජිනීවාහි පළමු ලේකම් නිශාන්තිනි වික්ටර් යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක්ද සහභාගී වීමට නියමිතය. 

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments