වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ මහතා අද (22) පාර්ලිමේන්තුව අමතමින් පැවසූවේ 1947 උපත ලබා වසර 83ක් කල්ගෙවන ලද විපක්ෂය අභාවප්‍රාප්ත වූ බවට 2029 නොවෙම්බර් 15දා ලංකාව පුරා මරණ දැන්වීමක් ඇලවීමට නියමිත බවයි.
එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා,
“දන්කුඩ ටිකත් හූරන් කාපු කට්ටක් ඉතුරුකරපු රටක් අපි අතේ තිබ්බේ. ඒක දවකින් දෙකකින් වෙනස්කරන්න බෑ. දැන් අහනවා අරක කරාද මේක කරාද කියලා. කරනවා මහත්වරුනේ. බයවෙන්න එපා. බලය ගත්තේ පහකට. ඒ පහ කරනකොට අව්රුදු 25කින් අපේ පක්ෂය ගෙදර යවන්නේ නෑ කියන එක මතක තියාගන්න. අව්රුදු 5ක් කරනකොට විපක්ෂය සෙත්තපෝච්චිම තමයි.
2029 නොවෙම්බර් 15දා ලංකාවේ මරන දැන්වීමක් ඇලවෙයි මම කියන්නම් ඒක. 1947 උපත ලබා වසර 83ක් කල්ගෙවන ලද විපක්ෂය අභාවප්‍රාප්ත වූ හෙයින් අවමංගල කටයුතු මැදමුලන කනත්තේ සිරිකොත ආදාහානාගාරයේදී අපරභාග 4.30ට සිදුකරනු ලැබේ. මල්වඩම් අනවශ්‍යයි රතිඤ්ඤා අවශ්‍යයි.”