By unusuma.lk on
(LK time)අද (25) උදෑසන බෙලිඅත්ත අදිවේගී මාර්ග පිවිසුම අසලින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන ඒමෙන් අනතුරුව නාමල් රාකපක්ෂ, ඩී වී චානක ඇතුළු පිරිසක් මීට සුළු මොහොතක පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසලට පැමිණියා.
එහිදී අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,
“මම හිතන්නෙ බොහොම හොඳයි මොකද සෙනසුරාදා නිවාඩු දවසේ උදේම නැගිටලා නීතිපති උපදෙස් ක්‍රියාත්මක කරන්න කොළඹට ඇවිල්ලා නැති හින්දා හයි වේ එක දිගේ තංගල්ලට ඇවිල්ලා බෙලිඅත්ත එක්සිට් එකේ නතර කරල කට උත්තරයක් ලියාගෙන ජනතාවගේ බදු මුදල් සල්ලි වලින් පොලීසිය වාහන කීපයක දාල ආරක්ෂාව දීල කොළඹ සී අයි ඩී එකට ගෙනල්ල දැන් කට උත්තර ලියනවා.
පොලීසිය වැඩකරන්න ඕනෙ ඔය විදියට තමයි. හැබැයි ඔය විදියටම පාතාලය මර්ධනය කරන්නත් වැඩ කරානම් බෙලිඅත්ත ඔය එක්සිට් එකේම පස්දෙනෙක් මරල යනකම් පොලීසිය නොදැන ඉන්න විදියක් නෑ.
ඒ වගේම ඊයේ දිනයේත් පාතාලයෙන් ඇවිල්ලා ඝාතණය කිරීම් කරලා තියෙනවා, ඉතිහාසයේ වැඩිම ඝාතණ කිරීම් සිද්දවෙච්චි මාසේ හැටියට ජනවාරි මාසය පත්වෙලා තියනවා.
පොලීසිය දැන් දේශපාලන අවශ්‍යතාවය මත නීතිය ක්‍රියාත්මක කරන්න වෙන මහන්සිය ඔය විදියටම පාතාලේ මර්දනය කරන්න කටයුතු කරොත් බොහොම හොඳයි.
ඉතින් අපිට එන්න කිව්වනම් ඉරිද සෙනසුරාද සඳුදා කියපු වෙලාවට අපි ඇවිත් තියෙනවා. අපිට එන්නත් පුළුවන්. ඒත් පොලීසිය හිතන්න ඇති තංගල්ලට ඇවිල්ලා ආරක්ෂාව සහිතව එක්කන් ඇවිල්ල දැන් ශාක්ෂි ලියනවා.
පොලීසියටත් මම ස්තුතිවන්ත වෙනවා කොළඹ ඉඳන්ම තකහනියක් අපේ ගමට ඇවිල්ල ගමේ එක්සිට් එකේ නවත්තගෙන පොලිස් ආරක්ෂාව සහිතව කොළඹට එක්කන් ඇව්ල්ලා කටඋත්තර ලියන එක ගැන මම සතුටු වෙනවා.
ඒ නිසා අපි ආණ්ඩුවටත් කියන්නේ පොලීසියටත් කියන්නේ කරුණාකරලා නීතිය ක්‍රියාත්මක කරන්න හැබැයි නෝන්ඩි වෙන්න එපා”
මේ අතර යෝෂිත රාජපක්ෂ මහතා ඉතා සතුටින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු යැයි පැසවෙන ස්ථානයක සිට පෙනී සිටි ඡායාරූපයක් සමාජ මාධ්‍ය පුරා පැතිර යයි. එහි සත්‍ය අසත්‍යතාව සම්බන්ධයෙන් පොලීසිය පාර්ශවයෙන් මෙතෙක් දැනුම් දී නැත.
එම ඡායාරූපය පහතින්.