නාමල්, යෝෂිත, කෙහෙළිය සහ මර්වින්ගේ අවසන් තීරණය.!

නාමල් රාජපක්ෂට සහ යෝෂිත රාජපක්ෂට අධිචෝදනා පත්‍ර භාරදී තිබෙන බවත් කෙහෙළිය රඹුක්වැල්ලට සහ මර්වින් සිල්වාට අධිචෝදනා පත්‍ර ඉතා ඉක්මනින් භාරදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,

“විශාල ප්‍රමාණයක් ලංකාවේ දැන් යන පරීක්ෂණ මහේස්ත්‍රාත් අධිකරණයට ෆැක්ස් රිපෝට් කරලා තියෙනවා. හැබැයි ප්‍රමාණවත් වෙන්නේ නෑ. ඊට පස්සේ වෙන්න ඕනකම තියෙන්නේ, එම කරුණු මත මහාධිකරණය අධි චෝදනා ගොනු කරලා නඩුවක් දාන්න ඕන.

ඒක තමයි අවසන් පියවර. ඊට පස්සේ නඩු විභාගයට ලක්කරලා දඬුවම් දීමේ බලය තියෙන්නේ අධිකරණයට. මේ රාජ්‍ය ආයතන වල තියෙන කාර්යභාරය තමයි, විමර්ශනය කරලා අධිචෝදනා පත්‍ර මහාධිකරණයේ නඩුවක් දක්වා ගොනු කරන එක.

දැන් කෙහෙළිය රඹුක්වැල්ලගේ විමර්ශනය අවසන් වෙමින් තිබෙනවා. අධිචෝදනා පත්‍ර ඉතා ඉක්මනින් භාරදෙනවා. මර්වින් සිල්වාගේ පරීක්ෂණ අවසන් වෙමින් තිබෙනවා. අධිචෝදනා පත්‍ර ඉතා ඉක්මනින් භාරදෙනවා.

නාමල්ට අධිචෝදනා පත්‍ර භාරදුන්නා ක්‍රිෂ් ගනුදෙනුව පිළිබදව. යෝෂිතට අධිචෝදනා පත්‍ර භාරදීලා තිබෙනවා. ආච්චිට.. පවු.. එතුමිය අධිකරණයට එනකොට අපිටත් පපුවට පොඩි ගින්දරක් එනවා. හැබැයි ආච්චිත් හවුල් කරගෙන තියෙනවා නම් අධිචෝදනා පත්‍ර භාරදෙනවා ඇයටත්.

ඒ වගේම පසුගිය කාලයේ සිදුවු ඝාතන පිළිබඳව විමර්ශන අවසන් කරපු ඝාතනයන් තිබෙනවා. ඒවා ඉතා ඉක්මනින්ම නීතිපති දෙපාර්තමේතුවෙන් අධිචෝදනා පත්‍ර ලබාදෙනවා. ඊට පස්සේ කාර්ය තිබෙන්නේ, අධිකරණයේදී, නීතිපති දෙපාර්තමේතුවේ සහ අල්ලස් කොමිසමේ නීතීඥවරුන් ගිහිල්ලා අධිකරණයට කරුණු කියයි. අධිකරණය විසින් තීරණයක් ගනී.”

ජර්මනියේදී ශ්‍රී ලාංකිකයන් හමුවු අවස්ථාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
3 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments