By unusuma.lk on
(LK time)බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් රට තුල විශාල සාකච්ඡාවක් ඇතිවී තිබෙනා පසුබිමක ජවිපෙ හිටපු ප්‍රභලයෙකු වන නන්දන ගුණතිලක සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනාත්මක සටහනක් තබා තිබේ.
ඔහු පවසන්නේ ජනතා විමුක්ති පෙරමුණ විසින් 1987-1990 වකවානුව තුළ සිදුකළ සියලු ඝාතනයන්ට තමන් ඇතුළු එවකට අවි දැරෑ සියල්ලටම දඩුවම් ලබාදෙන ලෙසයි.
ඔහුගේ සටහනේ වැඩිදුරටත් පවසන්නේ ආණ්ඩුවට අනුව “තෝරදෙණිය” ඇතුළු මාළිමා විශ්‍රාමික රණවිරු සංසදයේ සාමාජිකයන් යනු රටේ සියලු වද කඳවුරුවල වධකයන් බවයි.
නන්දන ගුණතිලක මහතා 1994 ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග කළ අපේක්ෂකයා වන අතර පසුව එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පළාත් පාලන මැතිවරණයට තරඟ වැද පානදුර නගරාධිපති තනතුර හෙබවීය.
එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් සංවිධායක ධුරයද දැරූ ඔහු පසුව වෙනත් පක්‍ෂ කිහිපයකටම එක් විය.

