By unusuma.lk on
(LK time)ජාතික ගගන නාවික සෙවීම් සහ මුදවා ගැනීම් කමිටු රැස්වීම (21) දින බත්තරමුල්ල පිහිටි මහ නැගුම – මහ මැදුර සංකීර්ණයේදී පැවති අතර එම කමිටුවේ සම සභාපතිත්වය දරණ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ද ඊට සභාභාගි විය.
එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතියට (UNCLOS) සහ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා පිළිබඳ චිකාගෝ සම්මුතියට (Chicago Convention) අනුකූලව, ශ්‍රී ලංකාවට අයත් වන දේශ සීමා කලාපයන්, දේශ සීමා මුහුදු කලාපයන් සහ විවෘත මුහුදු කලාපවලින් සැදුම්ලත් සෙවීම සහ මුදවා ගැනීම් කලාපය (SRR) තුළ, ගංඟගන නාවික සහ සමුද්‍රිය සෙවීම් සහ මුදවා ගැනීම සම්බන්ධීකරණය සහ සේවා සැපයීමේ වගකීම පැවරෙනු ඇත.
සෙවීම් සහ මුදවා ගැනීම සන්නිවේදනය, වෛද්‍ය ආධාර සේවා, කාර්යක්ෂම ආපදා අනතුරු ඇඟවීම් සිදු කිරීම සහ ජාතිකත්වය හෝ තත්වය නොසලකා ආපදාවට ලක්වන ඕනෑම පුද්ගලයෙකුට උපකාර කිරීම ඇතුළුව, අදාළ කලාප තුළ ඵලදායි, ප්‍රමාණවත් සහ මූලික සෙවීම් සහ මුදවා ගැනීම සම්බන්ධීකරණය සහතික කිරීම, සෙවීම සහ මුදවා ගැනීම් කලාප පිහිටුවීම තුලින් බලාපොරොත්තු වේ.
ඒ අනුව, 2023 අගෝස්තු (28) දින අංක 2347 – 02 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශිත පරිදි ජාතික ගගන නාවික සෙවීම් සහ මුදවා ගැනීම් කමිටුව පිහිටුවන ලද අතර, එහි ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ ජාතික ගගන නාවික සෙවීම් සහ මුදවා ගැනීම් පද්ධතිය සඳහා උපාය මාර්ගික සම්බන්ධීකරණය, මග පෙන්වීම සහ නායකත්වය සැපයීමයි.
මෙම කමිටුව මගින් ගගන නාවික සෙවීම සහ මුදවා ගැනීම සිදුවීමකදී හෝ එවැනි අවස්ථාවක් රහිත වන විට අවම වශයෙන් වසරකට වරක් රැස්වීම් පැවැත්වීම අනිවාර්ය වේ. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයා, ජාතික ගගන නාවික සෙවීම් සහ මුදවා ගැනීම් කමිටුවෙහි (NASC) සම සභාපතිත්වය දරනු ලබයි.