ජනපති අනුරගේ නියමයෙන් නව පත්වීම්.!

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නියමයෙන් නව පත්වීම් කිහිපයක් සිදුකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ඒ අනුව ජාතික නවෝත්පාදන නියෝජ්‍යායතනයේ ප්‍රධාන නිලධාරී ලෙස ආචාර්ය මුදිත දර්ශන සෙනරත් යාපා පත් කර ඇත.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක් පත් කර ඇත.

ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ හිටපු ලේකම් ලෙස සම්පත් මන්ත්‍රීනායක ඒ සඳහා පත් කර ඇත.

මීට අමතරව ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක් පත් කර ඇති අතර ඒ සඳහා ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස පත් කර ඇත.

ජනපති නියමයෙන් උතුරු පළාත් ප්‍රධාන ලේකම් ලෙස තනුජා මුරුගේසන් පත් කර ඇත.

ඊට අදාළ පත්විම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් අද (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පිළිගන්වන ලදී.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments