By unusuma.lk on
(LK time)මේ වනවිට පවතින රේගු තදබදය අවම කිරීමට නව බහාලුම් මධ්‍යස්ථාන දෙකක් ඉදිකරන බවත් මෙම ඉදිකිරිම් වලින් පසුව රේගු බහාලුම් අංගණයේ තදබදය අවසන් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන්
ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ කෙරවලපිටියේ එක් අංගණයක් ඉදිකරන බවත් පෞද්ගලික ආයතනයක සහයෙන් තවත් බහාලුම් අංගණයක් බ්ලූමැන්ඩල්හි ඉදිකර බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි.
කොළඹ වරායට එන බහාලුම් දහවල් කාලයේදී එම ස්ථානයෙන් පිට කළ නොහැකි අර්බුදයක් මතුව ඇති බවත් එසේ පිට කළහොත් කොළඹ නගරයේ දැඩි රථවාහන තදබදයක් ඇති වන බවත් ඒවා සවස් කාලයට පමණක් නිදහස් කිරීමෙන් හා බහාලුම් පරීක්ෂාවට ලක් කර නිදහස් කිරීමෙන් රේගුව තුළ දැඩි තද බදයක් නිර්මාණය වන බවද ජනාධිපතිවරයා සදහන් කරයි.
එනිසා බහලුම් පරීක්ෂාවට ලක්කර නිදහස් කිරීමේ කටයුතු පවත්වා ගෙන යාමට පහසු ලෙස කෙරවලපිටියේ නව බහාලුම් මධ්‍ය ස්ථානයක් ඉතා කඩිනමින් ඉදිකරන බවත් පෞද්ගලික සමාගමක් සමග ඒකාබද්ධව බ්ලුමැන්ඩල්හිදී තවත් බහාලුම් මධ්‍ය ස්ථානයක් ඉදිකරන බවද ජනාධිපතිවරයා සදහන් කරයි.
ජාතික ජන බලවේගයේ පාක්ෂිකයන්ගේ සුහද හමුවකදී ජනාධිපතිවරයා මේ බව සදහන් කරයි.