By unusuma.lk on
(LK time)ශ්‍රී ලංකා පොලීසිය විසින් රථවාහන අංශවල රාජකාරි කරනු ලබන නිලධාරීන් සඳහා දැනට ගෙවනු ලබන ත්‍යාග මුදල් ප්‍රතිශතය ඉහළ දැමීමට කටයුතු කර තිබේ.
ඒ අනුව වැඩබලන පොලිස්පතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු උසස් නිලධාරීන් සහ ස්ථානාධිපතිවරුන් වෙත චක්‍රලේඛණයක් මඟින් දැනුම් දී ඇත්තේ අදාළ නිලධාරීන්ට දැනට ගෙවනු ලබන ත්‍යාග මුදල් 2025.02.01 වන දින සිට බලාත්මක වන පරිදි 25% කින් වැඩිකර ගෙවීම් කටයුතු සිදුකරන ලෙසයි.
මෙහිදී, ක්ෂේත්‍ර රාජකාරි වල නියැලෙන රථවාහන අංශ ස්ථානාධිපතිරුවන්, ක්ෂේත්‍ර රාජකාරි හා කාර්යාල රාජකාරියේ නියැලෙන පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන්, පොලිස් සැරයන් සහ පොලිස් කොස්තාපල්වරුන් සඳහා ද ක්ෂේත්‍ර රාජකාරියේ නියැලෙන පොලිස් කොස්තාපල් රියදුරුවරුන් සඳහාද ත්‍යාග මුදල් වැඩිකර ගෙවීම සිදුකරනු ලබයි.
එමෙන්ම මෙම දීමනා ලබාදීමේදී මෙතෙක් තිබූ ප්‍රමාදය අවසන් කර අදාල දීමනාව අදාළ මාසයට පසු මාසය තුළදී ගෙවීමට කටයුතු කරන ලෙසටද වැඩබලන පොලිස්පතිවරයා විසින් දැනුම් දී තිබේ.