By unusuma.lk on
(LK time)මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පවසන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නිල නිවසින් ඉවත්වන ලෙස ලිපියකින් දැනුම් නොදෙන නමුත් ඒ සඳහා පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සූදානම් බවයි.
ඔහු විමසන්නේ වර්ග අඩි 30,000ක මන්දිරයක් එක් පුද්ගලයෙකු බුක්ති විඳීම හෘද සාක්ෂියට අනුව නිවැරදිද යන්න සිතා බලා සදාචාරාත්මක ලෙස ඉවත්වන ලෙසයි.
එසේ නොවේනම් ලිපි එවීමට ආන්ඩුව සූදානම් නොමැති බවත් පාර්ලිමේන්තු පනතක් හරහා නීත්‍යානුකූල ප්‍රතිපාදන මත ඉන් ඉවත් කිරීමට බලාපොරොත්තු වන බවයි.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වටගල මහතා.
“වර්ග අඩි 30,000යි.. එක පංචස්කන්දයයි. අනේ ජනාධිපතිතුමනී.. හෘද සාක්ෂියක් තියෙනවා නම් කල්පනා කරලා බලන්න. ගියේ නැත්නම් ඉතින්. පනත එනවනේ පාර්ලිමේන්තුවට තව නොබෝ දිනකින්.
ලිපියක් ගහන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ පනතක් එනවා.ඒකේ නීත්‍යානුකූල ප්‍රතිපාදන මතම යන්න වෙනවා. දැන් යනවා නම් සදාචාරයට ගරු කරලා.. ඉතින් එතුමා කල්පනා කරයි.”