By unusuma.lk on
(LK time)වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසූවේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සඳහා රුපියල් 5000ක බඩු මල්ල ක් රුපියල් 2500කට සතොස හරහා ලබා දීමට තීරණය කොට ඇති බවයි.
මෙම බඩුමල්ල ලබාදීම අඩු ආදායීම්ලාභී පවුල් ඉලක්ක කරගනිමින් සිදුකිරීමට තීරණය කර ඇති බව අමාත්‍යවරයා පැවසීය.
ඒ අනුව අස්වැසුම අයදුම් කොට නොලැබුණු අට ලක්ෂයකට මදක් වැඩි පිරිස සඳහා එම සහනය ලබාදීමට තීරණය කර ඇති බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.