නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් ක්‍රියාවිරහිත කරයි.!

අද (13) දින මධ්‍යම රාත්‍රියේ සිට නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය ක්‍රියාවිරහිත කරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න සඳහන් කරයි.

නඩත්තු කටයුත්තක් හේතුවෙන් පළමු ජනන යන්ත්‍රය ක්‍රියාවිරහිත කරන බවත් එය අවසන් කිරීම සඳහා දින 25ක කාලයක් ගතවන බවද මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න සඳහන් කරයි.

එම ජනන යන්ත්‍රය අක්‍රීය කිරීමෙන් ජාතික පද්ධතියට අහිමිවන විදුලි ධාරිතාව මෙගාවොට් 300ක් බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.

මේ අතර නඩත්තුවක් හේතුවෙන් මාස එකහාමාරක පමණ කාලයක් අක්‍රීය කර තිබූ කැළණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරය අද මධ්‍යම රාත්‍රියේ සිට යළි සක්‍රීය කිරීමට නියමිතය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments