මැසිඩෝනියාවේ ගින්නකට මැදිවී 60ක් මරුට.!

විදෙස් මාධය පවසන්නේ උතුරු මැසිඩෝනියාවේ සමාජශාලාවක ඇතිවූ ගින්නෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට 60ක් දක්වා ඉහළ ගොස් ඇති අතර 155 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.

ජනප්‍රිය හිප්-හොප් ගායකයින් වන DNK විසින් පවත්වන ලද 1,500කට වැඩි පිරිසක් සහභාගි වූ සංගීත ප්‍රසංගයක් පැවැත්වෙමින් තිබූ අතරතුර ගින්න පැතිරී ඇති බව වාර්තා වෙයි.

ප්‍රසංගය අතරතුර දැල්වූ ගිනිකෙළි මෙම අනතුරට හේතුවන්නට ඇතැයි බලධාරින් සැකපළ කරයි.

මේ සම්බන්ධයෙන් පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කර ඇති බව සඳහන් වේ.

එරට අගමැතිවරයා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ, මෙය රටට තරුණ ජීවිත රාශියක් අහිමි වූ “දුෂ්කර සහ ඉතා කණගාටුදායක දිනයක්” ලෙසයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.

0
Would love your thoughts, please comment.x
()
x