නුවරඑළිය නගර සභාව මාලිමාවට.!

නුවරඑළිය මහ නගර සභාවේ බලය ජාතික ජනබලවේගය හිමි කරගෙන තිබේ.

ඒ ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් දෙදෙනාගේ සහය ඇතිවයි. පසුගිය පළාත් පාලන ඡන්ද විමසීමේදී නුවරඑළිය මහ නගර සභාව සඳහා ජාතික ජනබලවේගයට මන්ත්‍රී ධූර 12 ක්, සමගි ජනබලවේගයට 04 ක්, එක්සත් ජාතික පක්ෂයට 03 ක්, ස්වාධීන කණ්ඩායම්වලට මන්ත්‍රී ධුර 03 ක්, ලංකා කම්කරු කොංග්‍රසයට මන්ත්‍රී ධුර 02 ක් සහ පොදු ජන එක්සත් පෙරමුණට මන්ත්‍රී ධුරයක් හිමිව තිබේ.. 

ඒ අනුව නුවරඑළිය මහ නගර සභාවේ මංගල සභා රැස්විම මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.පී.කේ. චමිලා අතපත්තුගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණු අතර එහිදී නව නගරාධිපතිවරයා වශයෙන් ජාතික ජන බලවේගයේ උපාලි වලියසේකර ඡන්ද 14 ලබා ගෙන තේරී පත් විය. 

එමෙන්ම, උප නගරාධිපතිවරයා වශයෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ සිවජෝති යෝගරාජා ඡන්ද 14කින් තේරී පත් ව තිබේ. 

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments