එක මාසයයි.. වියදම ලක්ෂ 25 සිට 11ට බස්සයි.!

ඌව පළාත් සභාවේ ආණ්ඩුකාරවරයාගේ කාර්යාලයේ මාසිකව වියදම් කළ මුදල තමා ආණ්ඩුකාරවරයා ලෙස පත්වූ පසු විශාල ලෙස අඩු කිරීමට පියවර ගත් බව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර සදහන් කරයි.

නව ආණ්ඩුව පත්වීමට පෙර පසුගිය අගෝස්තු මාසයේදී හිටපු ආණ්ඩුකාරවරයා විසින් එම අගෝස්තු මාසයේදී කාර්යාලයේ නිලධාරීන්ගේ වැටුප් දීමනා හා අනෙකුත් පහසුකම් වෙනුවෙන් වියදම් කර ඇති මුදල ලක්ෂ 25කට ආසන්න බවට වාර්තා වේ.

නව රජය පත්වීමත් සමග එය පළමු මාසයේදීම ලක්ෂ 11ක් දක්වා අඩු කිරීමට හැකි වූ බවත් පළාතේ ජනතාවට සේවය කිරීමට පැමිණි තමා තවදුරටත් මෙම වියදම් අවම වන ආකාරයෙන් අඩු කරමින් කටයුතු කරන ලෙස නිලධාරීන් දැනුවත් කර ඇතැයි ද පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.